Home Hit සහරාන් වැඩ කළේ කා වෙනුවෙන්ද ? කොමිසම ඒක හංගන්නෙ ඇයි ?

සහරාන් වැඩ කළේ කා වෙනුවෙන්ද ? කොමිසම ඒක හංගන්නෙ ඇයි ?

378

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

සහරාන්ගේ නායකත්වයෙන් මෙම අන්තවාදී කණ්ඩායම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ කාගේ වුවමනාවකටද, ඔවුන්ට ඉහළින් සිටියේ කවුද යන්න හෙළිදරව් නොවීම ප්‍රධානම ගැටලුව බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

සහරාන්ට ඉහළින් සිටි පුද්ගලයා සම්බන්ධයෙන් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පාස්කු කොමිසම වෙත තොරතුරු ලබා දී තිබියදී එම පුද්ගලයා හෙලිදරව් කිරීමෙන් කොමිසම වැළකී සිටියේ කුමන හේතුවක් මතද, අදාල පුද්ගලයා ආරක්ෂා කිරීමට කොමිසම තීරණය කළේ කුමන හේතුවක් මතද යන්න බරපතල ගැටලුවක් බවද මන්ත්‍රීවරයා පවසනවා.

මීට අමතරව සහරාන්ගේ බිරිඳ කොමිසම හමුවේ අනාවරණය කළ සාක්ෂි සැඟවීම හා ඉන්දියාවට පළාගොස් සිටින බවට වාර්තා වන, සහරාන් සමග මරාගෙන මැරෙන කණ්ඩායමේ සිටි, දැනට ජීවතුන් අතර සිටින එකම සාමාජිකය‍ා වන සාරා ජෙස්මින් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හරහා පාස්කු කොමිසමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව බරපතල සැකයක් මතුවන බවද මුජිබර් රහුමාන් මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here