Home Hit ලකඹර සුරකින ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ලකඹර සුරකින ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදයි

224

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.

1951 මාර්තු මස 2 වන දින “රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව“ ලෙස ආරම්භ කරන ලද ගුවන් හමුදාව අද වන විට 34,000 පමණ පිරිසකගෙන් ද ගුවන් යානා 100කට වැඩි විශේෂ බලගණවලින් සමන්විත වේ.

මාර්තු මස 5 වන දින අංක 5 ප්‍රහාරක ජෙට් බලගණය අංක 6 බලගණ හට දේශය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවර සඳහා ජනාධිපති සම්මාන ප්‍රධාන කිරීමේ සම්මාන පෙළපාලියක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සුදානම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

එමෙන්ම 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් 467කට හා සෙසු නිලයන් 7,290 දෙනෙකුට ද උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

මාර්තු 3,4 සහ 5 යන දිනවල දී කොළඹ ගාලුමුවදොර පිටියේ දී ගුවන් යානා සංදර්ශනය පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here