Home Hit නව රජයේ පළමු සූර්ය බලාගාර ටෙන්ඩර් ප්‍රදානය

නව රජයේ පළමු සූර්ය බලාගාර ටෙන්ඩර් ප්‍රදානය

954

2030 වසර වන විට පුනර්ජනනීය බලශක්ති මගින් ලංකාවේ විදුලි ධාරිතාවයෙන් 70% ඉලක්කය සපුරාලීම පිණිස යෝජිත මෙගා වොට් 1 සිට 10 දක්වා ධාරිතාවයෙන් යුතු සූර්ය බලාගාර පිහිටුවීමට අදාලව කැබිනට් මණ්ඩලයෙන් ලද අනුමැතින්ට අනුව, නව රජයේ පළමු ටෙන්ඩර් ප්‍රදානය වශයෙන් ආයතන 12 ක් සඳහා සූර්ය බලාගාර පිහිටුවීමට අදාල ටෙන්ඩර් ප්‍රදානය කිරීම සූර්යබල, සුළං හා විදුලජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායකමහතාගේ සහ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පේරුම මහතාගේ සහභාගිත්වයෙන් අද (02) දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා, විදුලිබල මණ්ඩල සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංක එස්. රොද්‍රිගු මහතා, අමාත්‍යාංශ නිලධාරීන්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරි නිලධාරීන්, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා අදාල සූර්යබල සමාගම් නියෝජිතයින් සහභාගී වන ලදී.

මෙම ව්‍යාපෘතී කාල රාමුවට අනුව 2022.12.08 දින වන විට මෙ.වො.147 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්වීමට නියමිතව ඇත.

May be an image of 1 person, sitting, wrist watch and indoor
May be an image of one or more people, people sitting, people standing, office and indoor
May be an image of 4 people, people standing, people sitting and indoor
May be an image of 5 people, people standing, people sitting and indoor
May be an image of 6 people, people standing and indoor
May be an image of 4 people, people standing and indoor
May be an image of 3 people, people standing, people sitting and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here