Home Hit ‘පිට්ටනියක්, ක්‍රීඩාංගණයක් දියුණු කළා ම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙන බව මට...

‘පිට්ටනියක්, ක්‍රීඩාංගණයක් දියුණු කළා ම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙන බව මට හිතනෙවා’ – අගමැති

307

ජවසම්පන්න පරපුරක් උදෙසා “ගමට පිටියක්” ජාතික වැඩසටහන යටතේ රට පුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332ක් එකවර සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාව සමඟ අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මේ යටතේ රට පුරා ග්‍රාමීය ක්‍රීඩාපිටි 332ක් එකවර සංවර්ධනය කිරීමට නියමිතය

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩාව සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රට පුරා නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ පරමාර්ථය ඇතිව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ.

“පාසලක් විවෘත කළාම බන්ධනාගාරයක් වැහෙනවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අපි ඒ බව තේරුම් අරගෙන අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරගෙන යනවා. ඒ වගේ ම තමයි පිට්ටනියක්, ක්‍රීඩාංගණයක් දියුණු කළා ම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙන බව මට හිතනෙවා. අද අපේ රටේ පුරවැසියන්ගේ ආයු කාලය වයස අසූව ඉක්මවලා තියෙනවා. එහෙම දීර්ඝායුෂ වින්දත් රෝගියෙක් හැටියට නම් ජීවත්වෙන්න සිදුවන්නේ ඒකෙන් ඇති වැඩක් තියෙනවා ද? වැඩක් නැහැ. අද ලෝකෙ ම හොඳ ජීවිතයක්, නිරෝගීමත් ජීවිතයක් ගතකිරීම ගැන හිතන කාලයක්. ඒකට තමයි එක පැත්තකින් ක්‍රීඩාව තියෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නෙ.” සමාරම්භක අවසතාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය

No photo description available.
May be an image of standing
May be an image of one or more people, people standing and indoor
May be an image of one or more people, people standing and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here