Home Hit ලිංගිකත්වය මත ආන්තිකරණයට ලක්වන ප්‍රජාවන් ‍රකිනවා..! – ජනපතිගෙන් පොරොන්දුවක්

ලිංගිකත්වය මත ආන්තිකරණයට ලක්වන ප්‍රජාවන් ‍රකිනවා..! – ජනපතිගෙන් පොරොන්දුවක්

1011

ඊයේ (01) දින පැවති වෙනස්කොට සැලකීම් මුලිනුපුටා දැමීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියේ සෑම පුද්ගලයකුගේම වයස, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය, ලිංගිකත්වය, වාර්ගිකත්වය, බාහිර පෙනුම සහ විශ්වාසයන් මත වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී අභිමානයෙන් ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.

ඒ අනුව, ලිංගිකත්වය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පුද්ගලයින් අතර විවිධත්වයක් පවතින බවත්, ඔවුන් හට සමාජ‍යේ අභිමානයෙන් යුතුව ජීවත් වීමේ අයිතියක් පවතින බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයකු විසින් ප්‍රකාශ කළ පළමු වර මෙය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here