Home Hit දඹුල්ල වන රක්ෂිතය කොළඹට විකුණයි

දඹුල්ල වන රක්ෂිතය කොළඹට විකුණයි

569

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෑවල වැව,අලකොල වැව,දෙහිගහයාය යන ප්‍රදේශයන්හි වනජීවි වන සංරක්ෂණ හා රජයේ රක්ෂිත කැලෑ ඉඩම් සංවිධානාත්මක පිරිසක් විසින් විකිණීමේ ක්‍රියාවලියක නිරතවන බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරනවා.

සුවිශේෂී පරිසර කලාපයක පිහිටි මෙම භුමිය අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ නිජ භූමියක් වන අතර දඹුල්ල නගරයේ සිට කිලෝ මීටර් 30 ක් පමණ දුරින් පිහිටි රූස්ස වන ලැහැබකි.

මෙම ඉඩම් අත්පත් කරගැනීමෙන් අනතුරුව විවිධ ඉදිකිරිම සිදුකර ඉන්පසුව කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්, ක්‍රිකට් ක්‍රීඩකයින්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයන්ට විකිණීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරන බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here