Home Hit බටහිර පර්යන්තය ඉන්දියාවේ “අදානි” සහ ජපානයේ ආයෝජකයකු සමග එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය

බටහිර පර්යන්තය ඉන්දියාවේ “අදානි” සහ ජපානයේ ආයෝජකයකු සමග එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය

341

කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සහ ජපානයේ ආයෝජකයකු සමග එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා.

එය වසර 35 ක කාලයක් සදහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදිමේ පදනම යටතේ මෙම යෝජනාවට අනුමැතිය දුන් බවයි කැබිනට් මණ්ඩලය නිවේදනය කළේ.

කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තයේ සවර්ධන කටයුතු සදහා ආයෝජකයෙකු ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකාව මෙරට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට හා ජපන් තානාපති කාර්යාලයට ඉල්ලිමක් කළා.

ඉන්දිය තානාපති කාර්යාලයේ එකගතාව මත අදානි සමාගම නම් කර ඇති අතර ජපන් රජය කිසිදු ආයෝජකයෙක් නම් කර නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here