Home Hit මුස්ලිම් විවාහ සහ දික්කසාද සංශෝධිත පණත් කෙටුම්පතට යළි සංශෝධන

මුස්ලිම් විවාහ සහ දික්කසාද සංශෝධිත පණත් කෙටුම්පතට යළි සංශෝධන

284

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති නීති කිහිපයක් වෙනස් කිරීම සදහා අදාළ පණත් කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනූව අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහය ලබාදීමේ හා ආරක්ෂා කිරීමේ පනත වෙනුවට නව ව්‍යවස්ථාවක් පැණවීමටත්, මුස්ලිම් විවාහ සහ දික්කසාද සම්බන්ධ සංශෝධිත පණත් කෙටුම්පතට යළි සංශෝධන එක්කිරීමටත් නියමිතයි.

මානව අභිමානය සහ සමාජ සමගිය ආරක්ෂා කිරීම, ව්‍යාජ ප්‍රවෘත්ති සහ ද්වේශ සහගත භාෂණය යටතේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම හා 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පණත සංශෝධනය කිරීමටත් කැබිනට් අනුමැතිය හිමවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here