Home Hit කැලණියේ ජල නලයකින් සති දෙකක් තිස්සේ ජලය අපතේ යයි

කැලණියේ ජල නලයකින් සති දෙකක් තිස්සේ ජලය අපතේ යයි

272

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ජනතාව තම මූලික අවශ්‍යතා සඳහා පවා ජලය නොමැතිව සිටින අවස්ථාවක සති දෙකක පමණ කාලයක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් නළයකින් ජලය අපතේ යන පුවතක් කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොළඹ – නුවර මාර්ගයේ කැලණිය දළුගම මංසන්ධිය ආසන්නයේ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් නළයකින් මෙලෙසින් ජලය අපතේ යනු දක්නට ලැබෙනවා.

මෙම ස්ථානයේ සිට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලයට ඇති දුර කිලෝ මීටර එකකටත් අඩු බව දැනගන්නට ඇත.

ජලය අපතේ යන මෙම නළය ආසන්නයේ ඒ පිළිබඳ අදාළ අංශ වලට දැන්ව සති දෙකක කාලයක් ගත වී ඇති බව සඳහන් පුවරුවක්ද ප්‍රදේශවාසින් විසින් සිටුවා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here