Home Hit පාස්කු ප්‍රහාරකයින් වෙනුවෙන් පෙනී සිටි අය අපේ ආණ්ඩුවෙත් ඉන්නවා

පාස්කු ප්‍රහාරකයින් වෙනුවෙන් පෙනී සිටි අය අපේ ආණ්ඩුවෙත් ඉන්නවා

508

පසුගිය යහපාලන රජයේ තනතුරු දරමින් පාස්කු ප්‍රහාරකයින් වෙනුවෙන් පෙනී සිටි ඇතැමුන් වත්මන් රජයේ ද තනතුරු දරමින් සිටින අතර පාස්කු කොමිසමෙන් චෝදනා එල්ල වීමෙන් පසු ඔවුන් කුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරළීමට උත්සාහ දරන බවට සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා චෝදනා කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අමතමිනි.

“ඒ වෙලාවෙ ඒ ආණ්ඩුවෙ ඉඳලා පාස්කු ඉරිදා ප්‍රහාරකයො වෙනුවෙන් කතා කරපු අය අද අපෙ ආණ්ඩුවෙ ඉන්නවා තනතුරු දරණ අය හැටියට. එතකොට මේ වාර්තාවෙන් යම් යම් කාරණා මතුවුණාම එයාලා කරපු වැරැද්ද වෙනුවෙන් නීතිමය කටයුතු වලට මුහුණ දෙන්නේ නැතුව කුමන්ත්‍රණයකින් ආණ්ඩුව පෙරළන්න තමයි උත්සාහ කරන්නෙ. මෑත කාලයේ ගොඩක් දේශපාලනඥයො එයාලාට ජන්දය දෙන ජනතාවගේ සුබසිද්ධිය බැලුවෙ නෑ තමන්ගෙ පෞද්ගලිකත්වය බැලුවෙ. ඒ හින්දා අපි අමාරුවෙන් ගත්ත ආණ්ඩුවක් මේ ආණ්ඩුව”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here