Home Hit දැරියකට මියයන තෙක් පහරදුන් කාන්තාව සහ දැරියගේ මව බන්ධනාගාරගත කෙරේ

දැරියකට මියයන තෙක් පහරදුන් කාන්තාව සහ දැරියගේ මව බන්ධනාගාරගත කෙරේ

394

දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් අතරතුර දී දැරියක් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව අද (01) මහර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 12 වැනිදා දක්වා බන්ධනාගාරගත කර තිබේ.

අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි පවසමින් ශාන්තිකර්මයක් සිදුකළ කාන්තාවක් එල්ල කළ වේවැල් පහර හේතුවෙන් දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි දැරියක් මීට දින දෙකකට ඉහතදී මරණයට පත්වී තිබුණි.

අදාළ දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද දිනයේ දී රාගම රෝහලේ දී පැවැත්වීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.

මේ අතර දැරියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 6ක් පමණ පොලීසිය විසින් ලබාගෙන ඇතැයි ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here