Home Hit පාස්කු වාර්තාව වෙනස් කළේ රාජපක්ෂ කෙනෙක් – ඥානසාර හිමිගෙන් චෝදනාවක්

පාස්කු වාර්තාව වෙනස් කළේ රාජපක්ෂ කෙනෙක් – ඥානසාර හිමිගෙන් චෝදනාවක්

641

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශවලින් 90% ක්ම, කොමිසම වෙත තමා ලබාදුන් සාක්ෂි මත පදනම් වී ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා.

ඒ, යූටියුබ් නාලිකාවක සකච්ඡාවකට සහභාගී වෙමින්

එසේ තිබියදී කිසිදු හේතුවක් නොමැතිව බොදුබල සේනා සංවිධානයද තහනම් කිරීමට නිර්දේශ කර ඇති බව ඥානසාර හිමියන් පවසනවා.

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව කොමිසමට පරිබාහිර පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය මත සකස් කර ඇති එකක් බවත්, ඔහුට අවශ්‍ය පරිදි වාර්තාවේ වෙනස්කම් රැසක් සිදුව ඇති බවත් ඥානසාර හිමි පෙන්වා දෙනවා. එම පුද්ගලයන් රාජපක්ෂ කෙනෙකු බවත්, ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා හෝ නොවන බව ද බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

අපේ ජනබල පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුරය තමාට අහිමි කිරීම සහ විමල් වීරවංශ ඇමතිවරයාට දිගින් දිගටම දේශපාලනික වශයෙන් පහර දීම පිටුපස සිටින පුද්ගලයාද මෙම රාජපක්ෂ පවුලේ සාමාජිකයා බවයි ඥානසාර හිමි පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here