Home Hit ජනාධිපතිතුමාගෙ ඇමතුම ගණන් නොගෙන කතා කරපු ප්‍රසන්න (VIDEO)

ජනාධිපතිතුමාගෙ ඇමතුම ගණන් නොගෙන කතා කරපු ප්‍රසන්න (VIDEO)

1786

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලැබුන දුරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදක්වමින් තමන් කරමින් සිටි කතාව දිගටම කරගෙන ගිය සිද්ධියක් ඉකුත් 26වැනිදා දක්නට ලැබුනා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩ පැවති පොදුජන පෙරමුණේ තරුණ බලමණ්ඩල රැස්වීම අමතමින් සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැමිණි දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදක්වා තමන් කතාවක් පවත්වමින් සිටින බවත් පසුව ඇමතීමට කටයුතු කරන බව පවසන ලෙසත් කියමින් සිය ජංගම දුරකථනය තවත් පුද්ගලයකු හට ලබාදෙනු ලබනවා.

පැවති රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටියා.

පාස්කු කොමිසමේ වාර්තාව පිළිබද ව සෑහිමකට පත් වීය නොහැකි බවත් පසුගිය යහපාලන රජය විසින් පත් කළ මෙම කොමිසමේ වාර්තාවෙන් ප්‍රහාරයේ මහා මොළකරුවන් පිළිබද තොරතුරු සගවා ඇත්දැයි සැක මතු වන බවත් පාස්කු කොමිසමේ වාර්තාව සොයා බැලීම සදහා ජනාධිපතිවරයා පත් කළ කමිටු සාමාජිකයකු වන ඒ මහතා කියා සිටියා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ පාස්කු කොමිසමට හෝ එහි නිර්දේශ වලට, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකළ බවත්, වත්මන් ජනාධිපතිවරයා පත් කළ කමිටුවට පාස්කු කොමිසමේ නිර්දේශ වෙනස් කිරීමේ කිසිදු උවමනාවක් හෝ බලයක් නොමැති බවත් රණතුංග මහතා අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here