Home Hit අපිට පාරෙ බැහැලා යන්න බෑ..! – පොහොට්ටු මන්ත්‍රී ආසන බල මණ්ඩලය උණුසුම්...

අපිට පාරෙ බැහැලා යන්න බෑ..! – පොහොට්ටු මන්ත්‍රී ආසන බල මණ්ඩලය උණුසුම් වෙයි (VIDEO)

1234

ඊයේ (28) පැවති පොදුජන පෙරමුණේ කටාන ආසන බල මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගන්නා ලදි.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දිගින් දිගටම පොහොට්‍ටුවේ වැඩපිළිවෙල සහ නායකයන් විවේචනය කිරීම හේතුවෙනි.

ප්‍ර‍ාදේශීය සභා මන්ත්‍රී සිසිර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ පොහොට්ටු‍වේ නායකයන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ප්‍රාදේශීය නායකයන් ලෙස තමා වැනි පුද්ගලයන්ට ජනතාව ඉදිරියට ගොස් කොන්ද කෙලින් තබාගෙන පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි වී ඇති බවයි. පසුගිය මැතිවරණවලදී ලබාගත් ජනතා ප්‍රසාදය ආරක්ෂා කරගත නොහැකි වී ඇති බවත් ඒ සඳහා පක්ෂයේ ඉහළ නායකයන් වගකිව යුතු බවත් ඔහු පවසනවා.

කටාන ආසනයට රජයේ රැකියා 700 ක් ලැබුණු නමුත් පක්ෂයට සහය දැක්වූ තරුණ තරුණියන් කිසිවෙකුටත් රැකියාවක් ලබාදීමට නොහැකි වූ බවද ඔහු පවසනවා. මෙවැනි තත්වයක් යටතේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වුවහොත් අන්ත පරාජයක් ලැබීමට සිදුවන බවද සිසිර ප්‍රනාන්දු මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here