Home Hit නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇරඹීමට අගමැති උපදෙස්

නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇරඹීමට අගමැති උපදෙස්

514

අත්හැර දමා ඇති නාගරික සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට මුදල් සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දෙන ලදි.

ඒ අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදීයි.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

සියලුම ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය උපයන ආදායම් වලට අමතරව මහා භාණ්ඩාගාරයෙන් ද අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාව සඳහා මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති යූ.ඩී. හර්ෂාන් ද සිල්වා, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්. සොයිසා මහත්වරුන් සහ කොළඹ මහ නගර සභා නාගරික කොමසාරිස් රොෂානි දිසානායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

May be an image of one or more people, people standing, people sitting and indoor
May be an image of 1 person, standing, sitting and indoor
May be an image of indoor
May be an image of 1 person, sitting and indoor
No photo description available.
May be an image of text that says "මෙම අවස්ථාව සඳහා මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය පරතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යං ලේකම් එස්. ආටිගල, නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික ංවර්ධන අධිකාරියේ සහාපතිය යූ.ඩී හර්ෂාන් සිල්වා, ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා සභාපති මේජර් ජෙනරාල් එම්.ආර්. සොයිසා මහත්වරුන් සහ කොළඹ නගර සහා නාගරික කොමසාරිස් රොෂානි දිසානායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ. Bhan Weliita රොහාන් වැලිවිට, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්. 0774054198 සිල්වා මාවත, කොළඹ 07. 58, අර්නස්ට ககலைப்பேசி இலக்கம் 0112575317 0112575318 58, ஏர்னஸ்ட் சில்வா மாவத்தை, கொழும்பு 07. தெலைரகல் 0112574143 58,SirEstde.SivaMw,.lo07. Colombo0 SE"

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here