Home Hit ගමේ ජනතාව අද පොහොට්ටුව පිළිකුල් කරනවා..! – පා.ම. චන්දිම වීරක්කොඩි (VIDEO)

ගමේ ජනතාව අද පොහොට්ටුව පිළිකුල් කරනවා..! – පා.ම. චන්දිම වීරක්කොඩි (VIDEO)

804

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පොහොට්ටුව වඩා රොද බැඳගත් ජනතාවගෙන් බහුතරයක් අද වනවිට පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන තත්වයට පත්ව ඇති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඇතැම් ග්‍රාමීය ජනතාව පොහොට්ටුව පිළිකුල් කරන තත්වයට පවා පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

පොහොට්ටුවේ නායකයන්ගේ ඇතැම් ක්‍රියා මේ සඳහා හේතු වී ඇති බවත්, ඉතා පටු ලෙස සිතමින් කටයුතු කරන්නේ නම් එම පක්ෂයෙන් ජනතාව ඈත් වීම පුදුමයක් නොවන බවත් වීරක්කොඩි මහතා පවසනවා.

පොහොට්ටුවෙන් පත්වෙන මහජන නියෝජිතයන්, ආසනයේ බලමණ්ඩල රැස්වීමට කැඳවන්නේ නැතිනම්, ජනතා නියෝජිතයන් පක්ෂයට අවශ්‍ය නොවන්නේ නම් එවැනි පක්ෂයකට අත්වන ඉරණම කුමක්ද යන්න පක්ෂයේ නායකයන් තේරුම් ගත යුතු බව චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here