Home Coronavirus 2020 2021 මුල් මාස දෙක තුළ පමණක් ආසාදිතයින් 39,948ක් සහ මරණ 267ක්

2021 මුල් මාස දෙක තුළ පමණක් ආසාදිතයින් 39,948ක් සහ මරණ 267ක්

279

2021 වසරේ ගතවූ මුල් මාස දෙක තුළ මෙරටින් තහවුරු කළ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 39948ක් වන අතර එම කාලසීමාව තුළ මෙරටින් තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 267ක් වේ.

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම සලකා බැලීමේදී 2020 වසර අවසන් වනවිට මෙරටින් වාර්තා වී තිබුණේ සමස්ත ආසාදිතයින් 43294කි. 2021 ජනවාරියේදී ආසාදිතයින් 20863ක් වාර්තා වී ඇති අතර පෙබරවාරි මාසයේදී ආසාදිතයින් 19085ක් වාර්තා වී ඇත.

2020 වසර අවසන් වනවිට මෙරටින් තහවුරු කර තිබුණු සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 204කි. 2021 ජනවාරියේදී කොවිඩ් මරණ 112ක් තහවුරු කර තිබුණු අතර පෙබරවාරි මාසය තුළ තහවුරු කෙරුණු කොවිඩ් මරණ සංඛ්‍යාව 155ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here