Home Hit අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි

210

Covid-19 ව්‍යාප්තිය හමුවේ කල් දැමුණු 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විභාගය අද (01) ආරම්භ වනවා.

මධ්‍යස්ථාන 4513කදී මෙවර විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 622,352ක්.

අද ආරම්භ වන සාමන්‍ය පෙළ විභාගය මාර්තු මස 10 වනදා දක්වා පැවැත්වෙනවා.

මේ අතර අද ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු සිසු සිසුවියන් මිනිත්තු 45 කට පමණ පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ඊයේ සඳහන් කළා.

එමෙන්ම හදිසි අවශ්‍යතාවක් මතුවුවහොත් භාවිතයට ගැනීම සඳහා සුවිශේෂී වූ විභාග මධ්‍යස්ථාන 40ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියා.

අද ආරම්භ වන විභාගය සඳහා කොරෝනා ආසාදිත සිසු සිසුවියන් 25 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

ඒ, විශේෂිත මධ්‍යස්ථාන කිහිපයකදියි.

මේ අතර, අද සිට ලබන මස 10 වන දා දක්වා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ විභාග කාර්ය මණ්ඩලය සදහා විශේෂ බස් සේවාවක් යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළා.

අතිරේක බස් අවශ්‍ය නම්, ප්‍රාදේශීය ඩිපෝ කළමනාකරුවන්ගෙන් ඉල්ලීමක් කර අදාළ පහසුකම ලබා ගතහැකි බවයි ඔහු කියා සිටියේ.

එසේම, සිසුන්ගේ සහ විභාග කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය දුම්රිය යෙදවීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here