Home Hit මෛත්‍රීගේ පුතාට පහරදීමේ වැඩිදුර විමර්ශන පෑලියගොඩින් මාරු කරන්නැයි නියෝග

මෛත්‍රීගේ පුතාට පහරදීමේ වැඩිදුර විමර්ශන පෑලියගොඩින් මාරු කරන්නැයි නියෝග

444

පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති සිසුවෙකු වූ හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්න නමැත්තාට පහරදීම සම්බන්ධ විමර්ශන පෑලියගොඩ පොලිස් ස්ථානයෙන් ඉවත් කර විශේෂ විමර්ශන ඒකකයක් යටතට පවරන ලෙස අධිකරණය පොලිස්පතිවරයාට නියම කර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතායි නියෝගය ලබාදුන්නේ.

මිගාර ගුණරත්න නමැත්තා විසින් පොලිස් රාජකාරියට බාධා කර ඇතැයි කියන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී විමර්ශනයට ලක් කෙරෙන බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

අත්අඩංගුවේ පසුවූ තැනැත්තියක පිළිබඳ සොයා බැලීමට පසුගිය 25 වනදා පෑලියගොඩ පොලිසියට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව තිබුණා.

පැමිණිල්ල වැඩිදුර කැඳවීම ලබන 15 වනදා සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here