Home Hit අනුමැතිය දීලත් නැති මිලෙන් අධික චීන එන්නත ගෙන්වීමේ උත්සාහය සැක සහිතයි

අනුමැතිය දීලත් නැති මිලෙන් අධික චීන එන්නත ගෙන්වීමේ උත්සාහය සැක සහිතයි

441

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින චීන‍ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත මෙරටට ගෙන්වීමේ උත්සාහයක් තිබෙන බවට ර‍ජයේ රසායනාගාර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

මෙම එන්නත සඳහා තවමත් අනුමැතිය ලැබී නොමැති බව පෙන්වා දෙන එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ සෙසු එන්නත්වලට වඩා මෙම එන්නත භාවිතය සංකීර්ණ බවයි.

චීන එන්නතේ එක් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 20 ක් පමණ වන අතර එක් පුද්ගලයෙකුට මාත්‍රා 03 ක් ලබාදිය යුතුය. ඒ අනුව දැනට භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් එන්නතට වඩා පිරිවැය අධික වේ.

මෙවැනි තත්ත්වයක් තුළ චීන එන්නත ආනයනය කිරීමට රජය හෝ සෞඛ්‍ය බළධාරීන් තීරණය කරන්‍නේ නම් එය හුදෙක් ව්‍යාපාරික අරමුණකින් සිදු කරන්නක් ලෙස හැඳින්වීමට සිදුවන බවද රවී කුමුදේශ් මහතා පවසනවා. රටේ පවතින ආර්ථික තත්ත්වය මත එවැනි අතිරේක පිරිවැයක් සහ අවදානමක් දැරීමේ අවශ්‍යතාවයක කුමක්ද යන්න ඔහු විමසා සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් පවතින බවත්, අද වනවිට ඔවුන් කිසිදු වැඩපිළිවෙලක් නොමැති ආකාරයෙන් කටයුතු කරන බව පෙනී යන බවත් කුමුදේශ් මහතා පවසනවා. එන්නත ගැන පමණක් විශ්වාසය තබා කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඹා යාම සම්පූර්ණයෙන් අතහැර දමා ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here