Home Hit පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 12ක්

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 12ක්

269

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් මරණ 08 ක් වාර්තා වී ඇත්තේ ඊයේ දිනය තුළ සිදු වූ රිය අනතුරුවලින් බවයි පොලිසිය සදහන් කළේ.

රිය අනතුරුවලින් දිනකට පුද්ගලයින් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියයාම මාර්ග ආරක්ෂාව පිළිබද බරපතල තත්වයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ.

එම නිසා දෛනිකව සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට ඉදිරියේදී දැවැන්ත රථ වාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here