Home Hit පාස්කු ප්‍රහාරයෙන් වැඩිම වාසි උනේ කාටද ? වැඩිම හානිය උනේ කාටද ?...

පාස්කු ප්‍රහාරයෙන් වැඩිම වාසි උනේ කාටද ? වැඩිම හානිය උනේ කාටද ? (VIDEO)

336

පාස්කු ප්‍රහාරය හේතුවෙන් වැඩිම දේශපාලන වාසි අත්වූයේ කාටද, දේශපාලන වශයෙන් වැඩිම හානියක් සිදු වූයේ කාටද යන්න පිළිබඳව ජනතාව හොඳින් සිතා බැලිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පුද්ගලයන් සැඟවීමට අවශ්‍ය වී ඇත්තේ වැඩිම දේශපාලන වාසිය ලබාගත් පුද්ගලයන්ට බවද ඔහු පෙන්වා දෙනවා.

විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ හම්බන්තොට මයුරපුරදී පැවති ‘සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවයේ 44 වැනි අදියරට සහභාගි වෙමින්.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීම සඳහා පාස්කු ප්‍රහාරය ප්‍රධාන සාධකයක් බවට පත්කර ගත් බවත්, එදා ඔවුන් යහපාලන ආණ්ඩුවට සහ තවත් පාර්ශ්ව කිහිපයකට චෝදනා පිට චෝදනා එල්ල කළ බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෙසේ නමුත් ඒ කිසිදු පාර්ශ්වයක් පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් වැරදිකරුවන් ලෙස නම්කර නොමැති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමසාද මහතා පවසන්නේ ආණ්ඩුවේ නායකයා එදා එල්ල කළ චෝදනා පුස්සක් බවට පත්ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here