Home Cricket ක්‍රිකට් ගොඩගන්න ටොම් මූඩිටත් ඉහළම තනතුරක්

ක්‍රිකට් ගොඩගන්න ටොම් මූඩිටත් ඉහළම තනතුරක්

442

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ඕස්‍ට්‍රේලියානු ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකුද වන ටොම් මූඩි මහතා පත්කර තිබෙනවා.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට උපදේශන ලබාදීම ඔහුට පැවරෙන කාර්යභාරය වන අතර වසර තුනක කාලයක් සඳහා ඔහු සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම වසර තුනක කාලය තුළ ඔහු දින 300 ක නිවාර්ය පැවරුම ඉටු කිරීමට බැඳී සිටී.

නව ක්‍රිකට් අධ්‍යක්ෂකවරයාගේ රාජකාරි අතරට අනාගත ක්‍රිකට් තරග සංචාර සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම, දේශීය තරඟාවලි ව්‍යුහය සොයා බැලීම, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්ය මණ්ඩල ව්‍යුහය සහ ඉහළ කාර්ය සාධනය සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළත් වේ.

ටොම් මූඩි මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති අතර ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය දක්වා පැමිණෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here