Home Hit අද පිළිකා ඖෂධ නෑ. තැලසීමියා දරුවො මැරෙනවා. මාධ්‍ය මේවා පෙන්නන්නෙ නෑ

අද පිළිකා ඖෂධ නෑ. තැලසීමියා දරුවො මැරෙනවා. මාධ්‍ය මේවා පෙන්නන්නෙ නෑ

641

අද වනවිට රෝහල් පද්ධතිය තුළ පිළිකා ඖෂධ ඇතුළු ඖෂධ සහ රෝහල් උපකරණ වර්ග ගණනාවක දැඩි හිඟයක් පවතින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“තමුන්නාන්සෙලා දන්නවා පහුගිය අවුරුදු පහ තුළ අපි ලංකාවේ සියලු රෝහල්වල ඖෂධ කිසිදු හිඟයක් නොමැතිව ජනතාවට ලබාදුන්නා. එකම ඖෂධයක්වත් එහෙම හිඟයක් තිබුණෙ නෑ. හිඟයක් තිබුණා නම් ඒ දවස් කීපයක්. මොකද හැම රෝහල් අධ්‍යක්ෂවරයාටම අපි ලබලා දීලා තිබුණා රුපියල් මිලියන 10ක අත්පිට මුදල්. එතකොට ඒ ඕනෑම කෙනෙකුට රෝගියාට මුදල් වියදම් නොකර පිටින් ඒ හිඟ ඖෂධ අරගෙන ලබාදෙන්න පුළුවන්. ඒවගේම ආසන්නම රෝහලක ඒ ඖෂධය ගෙන්වාගන්නත් අවසර දීලා තිබුණා ඔන්ලයින් ක්‍රමයට. ඒවගේම ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට අපි දීලා තිබුණා රුපියල් මිලියන 25ක අත්පිට මුදල් මේ කාර්යය කරගෙන යන්න.

නමුත් අද හැමතැනකම ඖෂධ හිඟයි. අද රජය රෝගීන්ට දීලා තියෙන්නෙ මොකද්ද, අපි රෝහලෙන් ලෙඩේ බලලා දෙන්නම් හැබැයි බෙහෙත් ටික පිටින් ගන්න අර ඉන්දියාවෙ වගේ. ඒ කියන්නෙ ඒක තමයි මේ රජයේ. නව නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය.

අද පිළිකා ඖෂධ නැහැ. මට හම්බුණා සමහර රෝගීන් ඔවුන්ගේ පිළිකා ඖෂධ පසුගිය මාස තුනක කාලය තුළ නැතිවීම නිසා පිළිකාව නැවත ඇඟපුරා පැතිරෙන්න පටන් අරගෙන තිබෙන අය. ඒවගේම තැලසීමියා කියන ලේ වල තියෙන පිළිකාව දරුවන්ගේ. ඒ තැලසීමියාවට අවසන් තිත තබන්නට මම තැලසීමියා ප්‍රතිකාර සංකීර්ණයක් ඇතිකළා මහනුවර රෝහලේ. දැන් ඒකෙ වැඩ කටයුතු නවත්තලා. තැලසීමියාවට දෙන බෙහෙතුත් නෑ. එතකොට ඒ දරුවන්ට ඒ බෙහෙත් නැතිවුණාම ඔවුන් මියයනවා. දැන් මේවා අද වාර්තා වෙන්නෙත් නෑ මාධ්‍යවල ඇත්ත තත්වය මේවායෙ.

ඒ විතරක් නෙවෙයි මගේ කාලෙදි මම මිලියන 2100ක් වියදම් කරලා ඔටෝ ඇනලයිසර්ස් මුළු රෝහල් පද්ධතියටම රසායනාගාර තියෙන හැම එකටම දුන්නා රුධිර පරීක්ෂණ කරන්නට. ඒකෙ තත්පර 30කට පරීක්ෂණ වාර්තා 16ක් වාර්තා වුණා. රුධිර සාම්පල පිටට යවලා පිටින් කිරීම තහනම් කළා. අද එහෙම නෙවෙයි, අද බෝඩ් ගහලා පුද්ගලික අංශයේ මේවා රෝහල් අවට හැමතැනම තියෙනවා. අද රුධිර පරීක්ෂණ නැවත පිටින් කරනවා.

එතකොට මේ හැම එකටම දුප්පත් රෝගීන්ට මුදල් වියදම් කරන්නට වෙනවා. එදා සත පහක් ඒ අයට වියදම් වුණේ නෑ. රුපියල් ලක්ෂ ගණන් වටිනා පිළිකා ඖෂධ නොමිලේ ලබාදුන්නා අපි. අද බොහෝ තැන්වල ශල්‍යකර්ම නවතිනවා. ඊට හේතුව ශල්‍යකර්මයට අවශ්‍ය දේවල් ලැබෙන්නෙ නෑ. කොට්න් වූල් නෑ, ගෝස් නෑ, සූචර්ස් නෑ … මේ වගේ නොයෙකුත් ඒවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නෙ මම ගෙනාපු උපකරණ වලට පස්සෙ කිසිදු උපකරණයක් මුදලට අරගෙන නෑ කියලා. ඔය පීසීආර් යන්ත්‍ර ඔක්කොමත් ප්‍රදානයන් විතරයි, මුදලට ගත්තු ඒවා නෑ.

එතකොට ඒ වගේම ඖෂධ මිල කිසිදු පාලනයක් නෑ. මම අවසාන වෙනකොට ඖෂධ වර්ග 99ක මිල පාලනය කළා. ඒකෙන් ඖෂධ හැත්තෑ ගාණක් අපි ගැසට් කරගත්තා අවසාන ගැසට් එක මම අත්සන් කළා. අද වෙනතුරුත් අවුරුද්දකුත් ගිහිල්ලා මහලොකු ජනතා රජය, දේශප්‍රේමී රජය, මහලොකු ජනතා හිතවාදීන් කියන මිනිස්සු ඒ ඖෂධ කර්මාන්තකරුවන්ට වාසිදායක අන්දමින් ජනතාවට දෙන සහනය ඒ අත්සන් කරපු එක ගැසට් කරලා නෑ. ඉතිං අද මේ විදියට තමයි රෝගීන්ට සලකන්නෙ දේශප්‍රේමයේ නාමයෙන් ජනතාවාදී ආණ්ඩුවක් යැයි කියලා කියාගෙන” යැයි ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here