Home Hit ජනපතිගෙන් පාසල් දැරියක් කළ ඉල්ලීම පැය දෙකක් තුල ඉටුවෙයි

ජනපතිගෙන් පාසල් දැරියක් කළ ඉල්ලීම පැය දෙකක් තුල ඉටුවෙයි

517

ත්‍රිකුණාමලය, මැදවච්චිය විද්‍යාලයේ ශිෂ්‍යාවක් විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමට එසැණින් විසඳුම් ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි
.
ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේකඩවල විද්‍යාලයේ ඊයේ (27) පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනේ දී ශිෂ්‍යාව මේ ඉල්ලීම සිදුකර ඇත.

ජනාධිපතිතුමා ඒ අවස්ථාවේම ක්‍රීඩාපිටිය සංවර්ධනය හමුදාවට පවරන ලදි.

සිසුවියගේ ඉල්ලීම ඵල ගන්වමින් යුදහමුදාවේ ඉංජිනේරු සේනාංකය පැය දෙකක් ඉක්ම යාමටත් මත්තෙන් ක්‍රීඩාපිටියේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදි.

No photo description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here