Home Hit පාස්කු කොමිසමට ප්‍රහාරයේ අපරාධකරුවො හොයන්න බෑ

පාස්කු කොමිසමට ප්‍රහාරයේ අපරාධකරුවො හොයන්න බෑ

674

අපරාධයක වගඋත්තරකරුවන් සොයා ගැනීම කොමිසමකට කළ නොහැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළකළේ සඳහන් කළේ ඊයේ (27) කොළඹ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ සඳහා කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විෂයානුබද්ධ බලධාරී ආයතන විසින් තවදුරටත් පරීක්ෂණ කළ යුතු බවට නිර්දේශ කර තිබෙන අතර එහිදී දේශපාලඥයින් විසින් තීන්දු නොගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් තීන්දුකරනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ඒ අනුව මෙය දේශපාලනීකරණය කිරීම සාධාරණ නොමැති අතර කොමිසමේ වාර්තාවට දඬුවම් දීමේ හැකියාවක් නැති බවත් ඒ සනහ නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය සොයා ගැනීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් පරීක්ෂණ කළ යුතු බවට නිර්දේශයක් පවා තිබෙන බවත් ඔහු පවසයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට පමණක් නෙවෙයි ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් සොයා බලා දඬුවම් පැමිණිය යුතු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here