Home Hit සහරාන් ගැන හැමෝටම වැඩිය දන්නේ ගෝඨාභය රාජපක්ෂ

සහරාන් ගැන හැමෝටම වැඩිය දන්නේ ගෝඨාභය රාජපක්ෂ

837

සහරාන් පිළිබඳව සියල්ලන්ටම වඩා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්නා බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරළ මහත්මිය පවසයි.

ඒ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින්.

පාස්කු ප්‍රහාරය පිටුපස එයින් දේශපාලන වාසි ගත් වත්මන් ආණ්ඩුව සිටිනවා ද යන්න පිළිබඳව සැකයක් මතුව ඇතැයි ද ඇය පැවසූ අතර සහරාන්ට පඩි ගෙවූ බවට එවටකට සිටි ආණ්ඩුව විසින්ම පිළිගත් බව ද ඇය අවධාරණය කර සිටියි.

ඇය සඳහන් කරන්නේ එවකට සිටි ආරක්ෂක ලේකම් හා ආරක්ෂක අමාත්‍යාංශය නිලධාරීන්ව මෙම කොමිෂන් සභාවට කැඳවා නොමැති බවයි.

”දැන් ඉන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය ජනාධිපතිතුමගෙන් ප්‍රශ්න කළා ද කොමිෂන් සභාව? සහරාන්ගෙන් ප්‍රශ්න කළේ නැහැ.එතකොට අපි හැමෝටම වැඩිය දන්න එවකට ආරක්ෂක ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය නිලධාරීන්ව මේ කොමිෂන් සභාවට කැඳෙව්වේ නැහැ”

සයින්දමරු බෝම්බ පිපිරීමෙන් සාරා නැමති කාන්තාව මිය ගොස් නොමැති බවත්, ඇය ඉන්දියාවට පලා ගොසින් ඇති බවත්, එසේ පලා යාමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳවත් ඉන්දියාවට පලා ගොස් සිටින සාරා නැවත ලංකාවට නොගෙන්වන්නේ කුමන කාරණාවක් නිසා ද යන්නත් ඇය එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රශ්න කරන ලදි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරළ මහත්මිය,

”මොකද සහරාන්ගේ බිරිඳ කියලා තියෙනවා මේ සම්බන්ධව ඇයට වැඩිය තොරතුරු දන්නේ සාරා ජෙස්මින් කියලා. මොකද මරාගෙන මැරෙන කල්ලියේ ඉතුරු වුණු එකම කෙනා සාරා ජෙස්මින්. හැබැයි සාරා ජස්මින්ව ඇයි ලංකාවට කැඳවන්නේ නැත්තේ?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here