Home Hit වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදිසියක් – ජංගම දුරකථන 11 ක් හමුවේ

වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදිසියක් – ජංගම දුරකථන 11 ක් හමුවේ

267

February 28, 2021   07:20 am

වැලිකඩ බන්ධනාගාරයේ සිදුකළ විශේෂ සෝදිසියකදී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබේ.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් අංශයේ එම විශේෂ මෙහෙයුම සිදුකළ බවය.

එහීදී ජංගම දුරකථන 11 ක්, සිම් කාඩ්පත් 04, බැටරි 08 ක් සහ චාජර් 06 ක් සොයාගෙන ඇති බව චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

“වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශය විශේෂ සෝදිසියකට ලක්කළා. ඒක බන්ධනාගාර කොමසාරිස් තුමාගේ නියෝග මත සිදුකරේ. එහිදි ජංගම දුරකථන 11ක්, සිම් පත් 4ක්, බැටරි 8ක් හා චාජර් 6 කුත් සොයාගත්තා. ඉදිරියේ දී කොළඹ අවට බන්ධනාගාරවල මෙවැනි හදිසි සෝදිසි කිරීම් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here