Home Hit ඉන්දීය ගුවන් යානා 25ක් ශ්‍රී ලංකාවට පැමිණේ

ඉන්දීය ගුවන් යානා 25ක් ශ්‍රී ලංකාවට පැමිණේ

1048

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට එක්වීම සඳහා ඉන්දියානු ගුවන් හමුදාවට අයත් යානා 25ක් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම සංවත්සරය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 2 වනදා පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව මාර්තු මස 03 වනදා සිට 5 වනදා දක්වා ගාලුමුවදොර පිටියේදී ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වෙනු ඇති.

ඊට එක්වීම සඳහායි මෙම ඉන්දියානු ගුවන් හමුදා යානා මෙරටට පැමිණ ඇත්තේ. ඒ අනුව එහි පුහුණුවීම් කටයුතු අද දිනයේද සිදු කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here