Home Hit කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (PHOTOS)

කෘෂි අපනයන කලාප පිහිටුවීමේ ජාතික වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි (PHOTOS)

247

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියට අනුව අපනයන කෘෂි කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2021.02.27 දින පෙරවරුවේ ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ දී ආරම්භ විය.

රට පුරා කෘෂි අපනයන ගම්මාන හෝ කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ත්‍රික් කෘෂි අපනයන ගම්මානය/කලාපය ට ආරම්භය තබමින් අග්‍රාමාත්‍යතුමා ටීජේසී අඹ පැළයක් සිටවූයේය. අනතුරුව ඉහළ අලුත් වැවට අග්‍රාමාත්‍යතුමා මත්ස්‍යයන් මුදා හැරියේය.

මෙහිදී අග්‍රාමාත්‍යතුමා විසින් ප්‍රදේශවාසීන්ට අඹ, කජු හා ගම්මිරිස් ඇතුළු අපනයන බෝග පැළ බෙදා දෙනු ලැබුවේය.
මෙම වැඩසටහනට සමගාමීව අනෙකුත් බෝගවලට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කජු පැළ 100000ක් වගා කිරීමට ශ්‍රී ලංකා කජු සංස්ථාව සැලසුම්කර තිබේ.

වර්තමානයේ දළ ජාතික නිෂ්පාදිතයට අපනයන කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් 2% ක් ව පවතින දායකත්වය වර්ෂ 2025 දී 4% ක් දක්වා වැඩි කිරීම හා කෘෂි ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩසටහනේ අරමුණයි.
ඒ අනුව පළාත් නවය තුළ පාරිසරික, දේශගුණික තත්ත්වයන් අනුව සුදුසු අපනයනය ඉලක්ක කර ගත් කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග හා ටීජේසී අඹ, මී මැසි පාලනය වැනි අපනයන ඉලක්ක කර ගත් හා ආනයනය අවම කර ගත් බෝග වගා කිරීම සිදු වේ.

අනුරාධපුර, කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි වගා බිමි හා වගා කරුවන් හඳුනා ගනිමින් වගා කලාප ඇති කිරීමේ මූලික අදියරේ වැඩ කටයුතු දැනට ක්‍රියාත්මක අතර 2021 වසර අවසන් වන විට දිස්ත්‍රික්ක 10ක කෘෂි අපනයන කලාප/ ගම්මාන 100ක් ස්ථාපිත කිරීමට නියමිතය.

මෙමගින් ග්‍රාමීය ජනතාව ඒකරාශි කරමින් ජාතික හා ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කොට නිෂ්පාදන සිදු කිරීමට අපේක්ෂිතය.

May be an image of one or more people, people standing and outdoors
May be an image of 3 people, people standing and outdoors
May be an image of 1 person, standing and outdoors
May be an image of one or more people, people sitting and people standing
May be an image of 3 people, people standing and indoor
May be an image of 5 people, people standing and indoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here