Home Hit ජනපති, විපක්ෂනායක සහ හිටපු අග්‍රාමාත්‍ය ගංගාරාම විහාරස්ථානයේ (PHOTOS)

ජනපති, විපක්ෂනායක සහ හිටපු අග්‍රාමාත්‍ය ගංගාරාම විහාරස්ථානයේ (PHOTOS)

443

කොළඹ, හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රාත්‍රී පැවැත්වුණා.

පූජ්‍ය ගලබොඩ ඤාණීස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි ගංඟාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අධීක්ෂණයෙන් පෙරහර සංවිධානය කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපතිවරයා විසින් සධාතුක කරඬුව, මංගල හස්ථි රාජයා මත තැන්පත් කළ අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙවර පෙරහර සංවිධානය කර තිබීම විශේෂත්වයක්.

උඩරට, පහතරට නර්තන අංග සහ අලි ඇතුන්ගේ සහභාගීත්වයෙන් මෙවර නවම් මහා පෙරහර වර්ණවත් වුණා.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම මැති ඇමතිවරු පිරිසක් සහභාගී වී සිටියා.

May be an image of 1 person, standing, outdoors and temple
May be an image of one or more people, people standing and outdoors
May be an image of one or more people, fire and fireworks
May be a closeup of outdoors
May be an image of 5 people, people standing, elephant and outdoors

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here