Home Coronavirus 2020 ගම්පහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කොරෝනා එන්නත් රාජකාරීවලින් ඉවත් වෙයි

ගම්පහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කොරෝනා එන්නත් රාජකාරීවලින් ඉවත් වෙයි

425

අද සිට කොරෝනා මර්දන එන්නත්කරණ රාජකාරීවලින් ඉවත්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තීරණය කර තිබෙනවා.

ඒ කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙලට අදාල සැළසුම් සෞඛ්‍ය බළධාරින් විසින් එක් එක් අවස්ථාවලදී සංශෝධනය කරන බවට චෝදනා කරමින්.

දිස්ත්‍රික්කය තුළ මධ්‍යස්ථාන 220 කදී කොරෝනා මර්දන එන්ත්කරණ වැඩසටහන් සැළසුම් කර තිබුණද සෞඛ්‍ය බළධාරින් විසින් ඊයේ දිනයේදී එම මධ්‍යස්ථාන සංඛ්‍යාව 80ත් 100 ත් අතර සංඛ්‍යාවක් දක්වා අඩුකර ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති සමින්ද සමරදිවාකර මහතා කියා සිටියේ.

එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිසි සැළසුමක් ලිඛිතව ලබාදෙන තෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එන්නත්කරණ වැඩසටහන්වලට සම්බන්ධ නොවන බවයි සමින්ද සමරදිවාකර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here