Home Hit රුපියල් 200ක බීම බෝතල් දෙකකට රන් මාලය දුන් රෝහල් සේවිකාවක්

රුපියල් 200ක බීම බෝතල් දෙකකට රන් මාලය දුන් රෝහල් සේවිකාවක්

545

රෝහලක රෝහල් සේවිකාවක් බස් රථයේදී හඳුනාගත් පුද්ගලයකුගේ උගුලකට හසුවී සිය ගෙල පැළඳි රන් මාලය අහිමිකරගත් පුවතක් බළන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලකින් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය මෙසේය. බසයේදී හඳුනාගත් පුද්ගලයා බැංකුවක වැඩ කරන බව පවසා ඇති අතර ඔහු සමග තම මෝටර් රථයෙන් වැඩපළට යා හැකි බව පැවසූ නිසා පසුගිය දිනක මාර්ගයේ රැඳී සිට අදාළ වාහනයට ගොඩවී තිබෙනවා. එසේ යන අතරේදී තරුණියගේ මාලය අව පැහැයක් ගෙන ඇති බැවින් තමා උකස් අංශයේ වැඩ කරන නිසා චේන් එකේ ප‍්‍රමිතිය කිව හැකි බව පවසා එය ඉල්ලා සිටි විට චේන් එක ගලවා ඔහුට දී තිබෙනවා.

මේ අතරේදී වාහනය කඩයක් අසළ නතර කර රුපියල් 200 ක් අතට දී බීම බෝතල් දෙකක් ගන්නැයි තරුණියට පැවසූ විට තරුණිය වහා වාහනයෙන් බැස කඩයට ගොස් තිබෙනවා. ආපසු හැරී විත් බලන විට මෝටර් රථය නැත. තමා උගුලකට හසුවූ බව තේරුම් ගිය නමුදු කළ හැකි අන් කිසිවක් නොමැති බැවින් පොලිසියට පැමිණ පැමිණිල්ලක් කර තිබෙනවා. අදාළ තරුණයාගේ එදා ඇමැතුම් ලබාදීමට දී තිබූ දුරකථන අංකය මේ වනවිට ප‍්‍රතිචාර නොදක්වයි.

මුලාශ්‍ර – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here