Home Hit නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අදයි

189

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන්ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇත.

මේ අතර අද දිනයේදී බෞද්ධ ආගමික කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක කළයුතු බව සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම්දී තිබේ.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම Covid -19 වෛරස ආසාදිතයන් හමුවීම හේතුවෙන් සෑම ප්‍රදේශයකම ජනතාව සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසති.

මේ අතර පළාත් අතර ගමනාගමයේ දී ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා පිරිස් යොමුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කරඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here