Home Hit මහ කොමසාරිස් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයක් හදන්න – ඇමරිකාවෙන් ලංකාවට දැනුම්දෙයි

මහ කොමසාරිස් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයක් හදන්න – ඇමරිකාවෙන් ලංකාවට දැනුම්දෙයි

322

ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කල වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඇමරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දෙනවා.

ජිනීවා නුවර සිටින අමෙරිකා නියෝජිත ඩැනියෙල් ක්‍රොනන්ෆීල්ඩ් මහතා ජගත් මානව හිමිකම් කවුන්සිලටය අමතමින් කියාසිටියේ ඒ සඳහා වන කාල රාමුවක්ද අත්‍යවශ්‍ය බවයි.

සිවිල් ක්‍රියාකාරීන් සහ සුලු ජාතීන්ට එල්ල වී ඇතැයි කියන බලපෑම් පිළිබඳ කණස්සල්ල පළකරන බවයි ඇමරිකාව අවධාරණය කරන්නේ.

මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙන් නගා ඇති ගැටලු විසඳීමට දේශීය යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවන්නේ නම් එය අර්ථවත් මෙන්ම වගවිය යුතු ක්‍රියාවලියක් විය යුතු බවද අමෙරිකාවේ ස්ථාවරය වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here