Home Hit පානීය ජල බෝතල් ව්‍යාපාරිකයන්ට ලොකු ලාභයක්, හැබැයි රජයට සත පහයි

පානීය ජල බෝතල් ව්‍යාපාරිකයන්ට ලොකු ලාභයක්, හැබැයි රජයට සත පහයි

355

පානීය ජල බෝතල් නිෂ්පාදකයන්ගෙන් සහ එම ව්‍යාපාරයේ නිරතව සිටින ව්‍යාපාරිකයන්ගෙන් සැළකිය යුතු ගාස්තුවක් රජයට අයකර ගත යුතු බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

පානීය ජල බෝතල් කර්මාන්තය හරහා ඔවුන් අතිවිශාල ලාභයක් ලබා ගත්තද ඉන් රජයට හිමි වන්නේ ඉතා අවම මුදලක් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.

පානීය ජල බෝතල් ව්‍යාපාරය විශාල ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවත් මේ වනවිට එය අපනයන කර්මාන්තයක් දක්වා දියුණු වී ඇති බවත් නානායක්කාර මහතා පෙන්වා දෙන අතර මේ නිසා මෙම කර්මාන්තය සඳහා භාවිතා කරන භූගත ජලය කොපමණද, ඒ හරහා සීමිත සම්පතක් වන භූගත ජල සම්පතට ඇතිවන බලපෑම කොපමණද යන්න පිළිබඳව නිරීක්ෂණය කළයුතු බවද ඔහු පවසනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන අමාත්‍යවරයා,

“එයාලා ලීටරයකින් විශාල ලාභයක් ගන්නවා. හැබැයි එයාලා ආණ්ඩුවට ගෙවන්නෙ සතපහේ ගාස්තුවක්. මේක වැඩිවෙන්න ඕන. එයාලා හම්බ කරන ගාන බලලා ලීටරයකට හොඳ ගාස්තුවක් ගන්න ඕන.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here