Home Coronavirus 2020 ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

281

Covid -19 ආසාදිතයින් 466 දෙනෙකු ඊයේ (25) දිනයේදී අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 164කි.

ගම්පහ 76ක්, නුවරඑළියෙන් 48ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත Covid -19 ආසාදිතයින් ගණන 81,933 දෙනෙකු වන අතර ඉන් 76,961 දෙනෙකු සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් පවසයි.

Covid -19 ආසාදිතයින් 4,513 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද එම අංශය සඳහන් කළේය.

කොවිඩ් ආසාදිතව මෙරට තුළ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 459ක් දක්වා ද ඉහළගොස් තිබේ.

මේ අතර Covid -19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 393,000කට අධික පිරිසකට ලබාදී තිබේ.

අලුතින් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here