Home Coronavirus 2020 ඊයේ කොවිඩ් ආසාදිතයන් 466ක් සහ මරණ 02ක් මෙරටින් වාර්තා වෙයි

ඊයේ කොවිඩ් ආසාදිතයන් 466ක් සහ මරණ 02ක් මෙරටින් වාර්තා වෙයි

251

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 466 දෙනෙකු ඊයේ දිනයේදී හඳුනාගනු ලැබුවා.

ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුර පවතින්නේ 7,827 ක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81,933 දක්වා ඉහළ ගියා.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 4513 ක්.

මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 76,961 දක්වා ඉහළ ගියා.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිත මරණ 02 ක් මෙරටින් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 459 දක්වා ඉහළ ගියා.

කඩවත ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක සහ වත්තල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවක මෙලෙස මියගොස් තිබුණා.

No photo description available.

ඊයේ දිනයේදී තවත් 14,866 දෙනෙකුට කොවිඩ් එන්නත දී තිබූ අතර ඒ අනුව මේ දක්වා පළමු මාත්‍රාව ගත් සංඛ්‍යාව තුන් ලක්ෂ 93,469 දක්වා ඉහළ යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here