Home Hit සහරාන්ට පඩි ගෙවපු, උඩින් හිටපු අයට මොකද උනේ ! (VIDEO)

සහරාන්ට පඩි ගෙවපු, උඩින් හිටපු අයට මොකද උනේ ! (VIDEO)

587

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර ඇති වාර්තාවෙන් සත්‍ය තත්වය වසන්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඇතැම් කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ පිටු ගැලවී තිබීමට ඉඩ ඇති බවටද සැක කරන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කොමිසම පත් කළේ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් හෙලිදරව් කර ගැනීමට මෙන්ම මෙම ප්‍රහාරය පිටුපස සිටි සැබෑ නායකයන්, සහරාන්ලාට උඩින් සිටි පුද්ගලයන්, ඔවුන්ට වැටුප් ගෙවූ පුද්ගලයන් හෙලිදරව් කර ගැනීමට බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නෙ එම අරමුණ ඉටු වී නොමැති බවයි.

මෙම කොමිසම විසින් ප්‍රහාරයේ සැබෑ වගකිව යුත්තන් හෙලිදරව් කරනු ඇතැයි සමස්ත ලෝකයාම බලාසිටි නමුත් මෙය තවත් එක කොමිෂන් සභා වාර්තාවක් පමණක් බවට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here