Home Hit කෙටිම කාලයක් තුල ජනතාව කළකිරුණු ආණ්ඩුව මේක – මුරුත්තෙට්ටුවේ හිමි අගමැතිටම කියයි

කෙටිම කාලයක් තුල ජනතාව කළකිරුණු ආණ්ඩුව මේක – මුරුත්තෙට්ටුවේ හිමි අගමැතිටම කියයි

871

වත්මන් ආණ්ඩුවේ නියමුවා තවමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

උන් වහන්සේ මේ අදහස් පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ අද පැවති උත්සවයක් අමතමින්.

ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත ග්‍රන්ථ දෙකක් එළිදැක්වීමේ උත්සවය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී උත්සව සභාව අමතමින් උන්වහන්සේ පවසා සිටියේ වඩාත්ම ඉක්මනින් ජනතාව කළකිරුණු ආණ්ඩුව වත්මන් රජය බවයි. එමෙන්ම, කවුරුන් කෙසේ කීවද, වත්මන් ආණ්ඩුවේ නියමුවා තවමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවද උන්වහන්සේ අවධාරණය කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here