Home Coronavirus 2020 කොරෝනා ආසාදිතයින් සුවය ලැබීම වේගවත් වී ඇත්තේත්, මරණ අඩු වී ඇත්තේත්...

කොරෝනා ආසාදිතයින් සුවය ලැබීම වේගවත් වී ඇත්තේත්, මරණ අඩු වී ඇත්තේත් දේශිය ඖෂධ නිසා

360

මෙරට කොරෝනා රෝගීන්ගේ සුවය ලැබිමේ වර්ධනය වේගවත් වී ඇත්තේ දේශිය ඖෂධ හේතුවෙන් බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ලොව සෙසු රටවලට සාපේක්ෂව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාවද අඩුවීමට දේශීය ඖෂධ හේතුවී ඇති බවයි.

පාරම්පරික අත්බේත්, වියැකෙමින් පැවතුනත් මෙම අවස්ථාවේදී භාවිතා කරනු ලබන විවිධ පාන වර්ග සහ දේශීය කැඳ වර්ග හේතුවෙන් මෙලෙස සුවවන රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇති බවත් අනෙක් රටවලට සාපේක්ෂව මරණ ගණන අඩු වී ඇති බවත් ඒ මහතා පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here