Home Hit කාදිනල් හිමිපාණන් ඉලක්ක කරමින් ඇතැම් බලවේග ප්‍රහාරයක් දියත් කරලා

කාදිනල් හිමිපාණන් ඉලක්ක කරමින් ඇතැම් බලවේග ප්‍රහාරයක් දියත් කරලා

428

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට යාමට හදිසියක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා පවසයි.

ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරිපිටදී මෙම ප්‍රහාරයේ දේශපාලන අරමුණ හෙළි වේවියැයි බියෙන් මෙන්ම සමහර පුද්ගලයින්ට සිදුවන අවාසි සහගත තත්වයන් සහ වරදකරුවන් බවට පත්වීමට ඇති ඉඩ නිසා බියවීම හේතුවෙන් ඇතැම් බලවේග කාදිනල් හිමිපාණන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කර ඇති බව අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියා.

කාදිනල් තුමන්ගේ බලපෑම හේතුවෙන් මෙම වාර්තාව එළියට පැමිණි බවත් උන්වහන්සේ ඇතුළු කතෝලික සභාව නිහඬ කිරීමෙන් සහරාන් සමඟ මෙම පාස්කු ප්‍රහාරයේ වගකීමත් වැළලිය හැකි අභිමතයෙන් එම බලවේග කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බවත් ඒ මහතා මෙහිදී පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here