Home Hit ළමුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් සා.පෙළ පැවැත්වීමට සූදානම්

ළමුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් සා.පෙළ පැවැත්වීමට සූදානම්

304

මාර්තු මස පළමුවනදා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයන් 622000ක් පෙනී සිටීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් පවසනවා.

මෙවර දින 9ක් විභාගය පැවැත්වෙන බවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ.

කොවිඩ් වසංගත තත්වය තුළ විභාගය පැවැත්වීම සිදු කරන ආකාරය සම්බන්ධව සියලු විධිවිධාන මේ වන විටත් යොදා ඇති අතර, විභාගයට පෙනී සිටින කිසියම් සිසුවකු ආසාදිත වුවහොත් ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන දෙකක් පිළියෙල කර තැබීමටද කටයුතු යොදා ඇති බව ඔහු ප්‍රකාශ කරනවා.

දීප ව්‍යාප්ත මධ්‍යස්ථාන 4,513ක මෙවර විභාගය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

අතිරේක විශේෂ විභාග මධ්‍යස්ථාන සූදානම් කර තැබීම වෙනුවෙන් පළාත් මට්ටමින් රුපියල් ලක්ෂ පන්සියයකට අධික මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කියසිටියා.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සිසුන්ගේ පුර්ණ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

විභාග කාල සීමාව තුළ ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග සාකච්ඡා කළ අතර, ඒ අනුව ඔවුන් විසින් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කර ඇති බව ද අමාත්‍ය ජී .එල්. පීරිස් පෙන්වා දුන්නා.

කිසියම් ප්‍රදේශයක අයහපත් කාලගුණික තත්ත්වයක් ඇතිවුවහොත් එය විභාග පැවැත්වීමට හෝ විභාග ශාලා වෙත සිසුන්ගේ පැමිණීමට බාධාවක් නොවන අයුරින් විසදීම සඳහා නාවික හමුදා සහ ආරක්ෂක අංශ සෘජුව සම්බන්ධව සිටින අතර, විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් රජය මඟින් යොදා ඇති මෙම වැඩපිළිවෙළ පිළිබඳ දෙමව්පියන්ට නිසැකවම සෑහීමකට පත් විය හැකි බවද ඔහු සඳහන් කළා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රමාදවී මුහුණදීමට සිදු වුව ද එළඹෙන ජුනි මාසයේ දී ම එම විභාගයේ ප්‍රතිඵල ලබා දී, ජූලි මාසයේ දී ඔවුන් උසස් පෙළ පන්ති සඳහා ඇතුලත් කරගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here