Home Environment මුතුරාජවෙල පරිසර අමාත්‍යංශයට සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට

මුතුරාජවෙල පරිසර අමාත්‍යංශයට සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට

239

මුතුරාජවෙල තෙත් භූමිය වහාම පරිසර අමාත්‍යංශයට සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත.

මුතුරාජවෙල තෙත් භූමිය විවිධ පුද්ගලයන් විසින් අත්පත් කරගෙන නීති විරෝධී ලෙස විනාශ කිරීමට පියවර ගෙන තිබූ අතර, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

ව්‍යාපාරිකයන්, පාතාල සාමාජිකයන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම භූමිය විනාශ කරන අයුරු දැක ගැනීමට හැකි වූ බව එම නිරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව දිවයින පුවත්පත වාර්තා කරනවා.

ඒ පිළිබඳව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, එහිදී වහාම එම තෙත් භූමිය පරිසර අමාත්‍යංශයට සහ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දී ඇත. සංවර්ධනය කිරීම සඳහා වැය වන මුදල් රජයෙන් ලබාදීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here