Home Hit ඉන්දියාව ලංකාවෙන් යළිත් 13වන සංශෝධනය ඉල්ලයි

ඉන්දියාව ලංකාවෙන් යළිත් 13වන සංශෝධනය ඉල්ලයි

352

13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම වැනි අභිලාෂයන් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉන්දියාව අද ශ්‍රී ලංකාවට දැනුම් දී සිටියා

ඒ ජගත් මානව හිමිකම් සමුළුවේදී අදහස් පළ කරමින්.

ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීම වැනි අභිලාෂයන් විසඳීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මානිපාණ්ඩේ අද ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී යෝජනාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සමුළුවේදී අදහස් පළ කරමින්.

ශ්‍රී ලංකාව පිළිබඳ, මහ කොමසාරිස්වරියගේ වාර්තාව සහ වාචික ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් අවධානය යොමුකළ බවත්, දශක 3ක යුද්ධය අවසන් වීමෙන් පසු ඉන්දියාව මේ සම්බන්ධ යෝජනා සාකච්ඡාවට ක්‍රියාකාරි දායකත්වයක් ලබා දුන් බවත්, මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, ඉන්දියාවේ සමීපතම මිතුරා සහ ආසන්නතම අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාව සමඟ අඛන්ඩව කටයුතු කළ බවයි ඔහු පෙන්වා දුන්නේ.

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම, ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛන්ඩතාවයට ඍජවුම දායක වේයැයි තමන් විශ්වාස කරන බවයි එක්සත් ජාතීන්ගේ ඉන්දීය නිත්‍ය නියෝජත ඉන්ද්‍රා මාණිපාණ්ඩේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, වෙනිසියුලාව සහ එරිත්‍රියාව යන රටවල නියෝජිතයින් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර සිටියා.

කෙසේ වෙතත්, ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැෂලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සහ නිර්දේශ මෙන්ම පෙර යෝජනාවල අන්තර්ගතයන් පිළිගෙන එය ක්‍රියාත්මක කරන ලෙසටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here