Home Hit බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ක්‍රිකට් නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

බත්තරමුල්ලේ සීලරතන හිමිගේ ක්‍රිකට් නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

403

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා උප සභාපති තනතුර වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ලබාදුන් නාම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා.

අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කර නොමැතිවීම හේතුවෙන් මෙසේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ බවයි උන්වහන්සේගේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව කියාසිටියේ.

මෙවර ක්‍රිකට් නිලවරණයට අදාළව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද උප සභාපති ධුරය සඳහා ඊයේ නාම යෝජනා භාර දෙනු ලැබුවා. ඒ උතුරු පළාතේ සෙන්ට් ඇන්තනීස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්.

හිමිනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් සඳහා නාම යෝජනා භාර දුන් පළමු අවස්ථාව ද එයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අදාල නාමයෝජනා භාර ගැනීම ඊයේ දහවල් 12.30ට අවසන් වුණා.

නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් උන්වහන්සේ පළ කළ අදහස් පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here