Home Hit ෆේස්බුක්, ගූගල් ප්‍රවෘත්තිවලට මුදල් ගෙවිය යුතුයැයි ඔස්ට්‍රේලියාව නීතියක් සම්මත කරයි

ෆේස්බුක්, ගූගල් ප්‍රවෘත්තිවලට මුදල් ගෙවිය යුතුයැයි ඔස්ට්‍රේලියාව නීතියක් සම්මත කරයි

237
0

ෆේස්බුක් සහ ගූගල් ආදී අන්තර්ජාල තාක්ෂණික සමාගම්වල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා ඒවායෙහි ප්‍රකාශකයන්ට මුදල් ගෙවීමට බල කෙරෙන නව නීතියක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත කර තිබේ.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් අද (25දා) අනුමැතිය ලබාදුන් මෙම නීතිය ප්‍රකාරව, එරට ප්‍රවෘත්ති මාධ්‍ය ව්‍යාපාර විසින් ජනනය කරන අන්තර්ගතයන් සඳහා සෑහෙන ආදායමක් ඔවුන් වෙත ලබාදෙන බවට සහතික වනු ඇතැයි ඔස්ට්‍රේලියානු භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ හරහා එවැනි නීතියක් වෙනුවෙන් වෙනත් රටවල් සඳහාද වේදිකාවක් සැකසී ඇත.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ පෙර නොපැවති මෙම නීතිය මෑත මාසවලදී උණුසුම් ලෙස විවාදයට භාජනය විය. මේ තත්ත්වය තුළ ෆේස්බුක් ආයතනය විසින් පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රවෘත්ති නාලිකාවල පිටු පවා වසා දැමීමටද පියවර ගත්තේය. නමුත් මෙම සතිය මුලදී රට විසින් මෙම නීතියේ යම් යම් වෙනස්කම් සිදු කිරීමෙන් පසුව එය යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඔස්ට්‍රේලියානු රජය කියා සිටියේ මෙම නව නීතිය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් වසරකට පසු සමාලෝචනය කරන බවත්, එය රජයේ ප්‍රතිපත්තිමය අභිප්‍රායයන්ට අනුකූල වන ප්‍රතිඵල ලබාදෙන බවට සහතික වන්නේද යන්න සලකා බලන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here