Home Hit ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක්

336

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර “සංචාරක ගුවන් බුබුළ (AIR TRAVEL BUBBLE)” ඉතා ඉක්මණින් ආරම්භ කිරිමට තීරණය වී ඇති බව වාර්තා වේ.

මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර ඊයේ (24) පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹිණ. හමුව සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක ගුවන් බුබුළක් ආරම්භ කිරීම ඉන්දියානු රජයේ යෝජනාවකි. මෙම යෝජනාව ඉන්දියානු මහා කොමසාරිස්වරයා විසින් මෙරට විදේශ කටයුතු ඇමතිවරයා වෙත ඉදිරිපත් කර තිබු අතර ඒ සදහා ඉදිරි පියවර ගැන සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ විය.

ඒ අනුව මෙම සංචාරක ගුවන් බුබුළ යටතේ දෙරට අතර නැවත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමටත් දෙරටේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීම පිළිබදවත් දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැණින. කොවිඩ් නිසා නතර වු පළාලි ගුවන් තොටුපළ සංවර්ධනය හා එහි මෙහෙයුම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here