Home Hit පාස්කු ප්‍රහාරය මෙහෙයවපු මහ මොළකරු කෝ?

පාස්කු ප්‍රහාරය මෙහෙයවපු මහ මොළකරු කෝ?

325

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දැනට කියවා තිබෙන නිර්දේශ පිළිගන්නා නමුත් එපමණකින් සෑහීමකට පත්නොවෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (24) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීයි.

”අපිට දැනගන්න අවශ්‍යයි මේ වාර්තාව සම්පූර්ණ ද, අසම්පූර්ණ ද කියල. ඒ කියල තියෙන නිර්දේශ, දැනට කියවල තියෙන ටික අපි පිළිගන්නවා. දැන් දීලා තියෙන නිර්දේශ එකකවත් වැරදියි කියල කියන්නේ නැහැ. ඒක විශ්ලේෂණය කරලා බැලුවහම හරි විදිහට පෙළගස්වල තියෙනවා කියල පේනවා. ජනාධිපති කොමිසම කරපු ආකාරය ගැන මෙතන කතාවක් නැහැ. හැබැයි මේ වාර්තාවේ තව ඒවා තියෙන්න ඕනේ කියල තමයි අපේ බලාපොරොත්තුව. අපි හිතනවා එහෙම.

මේකේ තියෙන්නේ මේක මඟහරවා ගන්න බැරිවුන් අයගේ වැරදි ටික විතරයි. හැබැයි කෝ මේ නියම ත්‍රස්තවාදියා. උඩ ඉඳල ඇඟිල්ල දිග්කරපු එකා. කෝ එය මෙහෙයවපු ත්‍රස්තවාදියා. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ පාස්කු ප්‍රහාරයෙන් මැරුණු අය වෙනුවෙන් ඒ ත්‍රස්තවාදියෝ කවුද කියල කියන්න. අපි මේ වාර්තාවකින් සෑහීමකට පත්වෙන්න සූදානම් නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here