Home Hit වැක්සින් එකට කලින් අපිට කොරෝනා හැදෙයි, කිසිම පිළිවෙලක් නෑ (VIDEO)

වැක්සින් එකට කලින් අපිට කොරෝනා හැදෙයි, කිසිම පිළිවෙලක් නෑ (VIDEO)

343

මේ දක්වා පුද්ගලයින් 366,907 දෙනෙකු සඳහා “ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබාදී ඇති බවත් ඊයේ (23) දිනය තුළ 12,555 දෙනෙකු සඳහා එන්නත ලබාදුන් බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසන ලදි.

කෙසේවෙතත් නාරාහේන්පිට, කිරුළ පාර බටහිර බෙහෙත් ශාලාව ඉදිරිපිට එන්නත් ලබා ගැනීමට රැස්වූ පිරිස් අතර අද (24) පෙරවරුවේ නොසන්සුන්කාරි තත්ත්වයක් හටගැනුණි.

එන්නත්කරණ කටයුතු සිදුකිරීම සඳහා නිසි සැලැස්මක් නොමැති බව එහි රැස්ව සිටි ජනතාව පවසන ලදි.

“අපිට ගන්න පිළිවෙල කියන්න. අපිට අංක නෑ. අංක නැතුව අපිට එන්න කිව්වා. 6.45 ඉඳන් මෙතන. වැක්සින් එකට ඉස්සෙල්ලා අපිට කොරෝනා හැදිලා තියෙයි. මෙතන කිසිම පිළිවෙලක් නෑ,” යැයි ජනතාව පවසයි.

“ලියාපදිංචිවෙලා නැති අය සිකුරාදා එන්න. පෙරේදා ලියාපදිංචි වුණු කට්ටිය විතරයි ගන්නේ අද. ටෝකන් එකේ අංකය පිළිවෙලටයි ගන්නෙ. අංක නැති අය ඉන්න එපා,” යැයි එහිදී බලධාරීන් සඳහන් කරන ලදි.

මෙම එන්නත්කරණය සඳහා යොදාගනු ලබන්නේ ඉන්දියාවෙන් පසුගියදා ප්‍රදානයක් ලෙස ලද “ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත් මාත්‍රා වන අතර එවැනි මාත්‍රා 500,000ක් පසුගිය මස ලැබුණු අතර මුදල් ගෙවා ඇණවුම් කළ එන්නත් මාත්‍රා 500,000ක් බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිත බව බලධාරීන් පසුගියදා පවසන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here